ඇප දුන්නම පොලීසියට ඇවිත් අත්සන් කරන එකේ තේරුම මොකද්ද? කවුද වැරදිකරු ත්රස්තවාදියා ද? පොලීසිය ද?
June 18, 2019 05:09 pm
පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
2017 වසරේ අගෝස්තු මස පළමුවනදා තමන් කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි භාරගත් බව සඳහන් කළ කස්තුරිආරච්චි මහතා එවකට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පැවති බව සඳහන් කළේය.
සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා ඒ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට තොරතුරු වාර්තා වු බව කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
තමාගේ කාලය තුළ ඔවුන් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව ද විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේය.
කිසිදු ආකාරයකින් ඔහු සිටිය තැනක් සොයා ගැනීමට නොහැකි වු බව ද පැවසු ස්ථානාධිපතිවරයා, සහරාන් එම ප්‍රදේශයට පැමිණියේ නම් නිසැකයෙන්ම ජනතාව ඒ ගැන දැනුවත් කරන බවද පැවසීය.
කාරක සභවේ නියෝජිතයින් මෙහිදී ප්‍රශ්න කරමින් අසා සිටියේ, කාත්තන්කුඩි සංවිධානයේ ලේකම්වරයා සාක්ෂි දෙමින් පොලීසියට මේ ගැන පැමිණිලි කරත් පොලීසිය සහරාන් වෙනුවෙන් පෙනී සිටි බවට චෝදනා කල බව ද කියා සිටියේය.
එයට පිළිතුරු දෙමින් ස්ථානාධිපතිවරයා කියා සිටියේ, කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවු බවයි.
කෙසේ වෙතත් පුද්ගලයින් 13 දෙනෙක් තමාට පෙර සිටි ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන තිබුණු බව ද පැවසු ඒ මහතා, වසරකට පමණ පෙර ඔවුන්ට අධිකරණයෙන් ඇප හිමි වු බවත් සෑම මසකම අවසන් සතියේ ඔවුන් පොලීසියට පැමිණ අත්සන් කර යන බවත් පැවසීය.
එහිදී 2017 මාර්තු මාසයේ දී ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම හා පෙට්‍ර්ල් බෝම්බ එල්ල කිරිම යන වැරදිවලට මොවුන්ට චෝදනා එල්ල වී තිබු බව ද පැවසු ස්ථානාධිපතිවරයා, සහරාන්ගේ පියා හා සහෝදරයා අත්අඩංගුවට පත්ව නොසිටි බව ද පැවසීය.
කෙසේ වෙතත් 2019 අප්‍රේල් මාසයේ දී ඉඩමක අයිතිකාරයෙක් පැමිණ යතුරුපැදියක් ගිනි ගෙන ඇති බවට පැමිණිල්ලක් සිදු කර බවත් ඒ අනුව තමා ගොස් විමර්ශනය කිරීමේ දි එය ගිනි ගැනීමක් නොව පිපිරීමක් බවට අනාවරණය වු බව ද පැවසු ස්ථානාධිපතිවරයා එය නිසැකව දැන ගැනීමට තවමත් රස පරීක්ෂක වාර්තාව ලැබී නැතැයි ද කියා සිටියේය.
අක්කර 43 ක් පමණ වු මෙය හිස් ඉඩමක් බවත් පැවසු ඔහු පැවසීය.
මේ අතර, පෙර සඳහන් කළ ඇප ලබා සිටි පුද්ගලයින් 13 දෙනාම සහරාන්ට උදව් කිරීම හා ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම යටතේ මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බව ද ස්ථානාධිපතිවරයා විසින් සඳහන් කිරීමත් සමඟ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ මෙවැනි පුද්ගලයින් ගැන පොලීසිය අවධානයෙන් පසු වුයේ නැත්තේ ඇයි ද යනුවෙනි.
ඇප ලැබීමත් සමඟ පොලීසියට එක් දිනක් පමණක් පැමිණ මෙවැනි අපරාධ සිදු කරන්නේ නම් ඔවුන් ගැන සෙවීම පොලීසියේ රාජකාරියක් නොවන්නේ ද යන්න පිළිබඳ ඇසු ෆොන්සේකා මහතා, “පොලීසියට ඇවිත් ඇප දුන්නම අත්සන් කරන එකේ තේරුම මොකද්ද? කවුද වැරදිකරු ත්රස්තවාදියා ද? පොලීසිය ද? ජනතාව ද ? යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී ස්ථානාධිපතිවරයා කියා සිටියේ ඔවුන් කාත්තන්කුඩි බලසීමාවේ සිට අපරාධ නොකල අතර, නුවරඑළිය හා හම්බන්තොට ප්‍රදේශවල සිටි අය බවයි.
කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයට පෙර කිසිදු ඉහළ නිලධාරීයෙක් මෙවැනි අවධානමක් ගැන තමා දැනුවත් නොකල බව ද ඔහු ස්ථානාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.