සමාජ මාධ්‍ය නිහඬ කිරිමේ වැඩපිළිවලක්-යුක්තියට හඩක් සංවිධානය
June 18, 2019 04:33 pm
සමාජ මාධ්‍ය නිහඬ කිරිමේ වැඩපිළිවලක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බවට යුක්තියට හඩක් සංවිධානය චෝදනා කරයි.
කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සාමාජිකයන් මේබව සඳහන් කළේය.
වෛරි ප්‍රකාශ සම්බන්ධයෙන් දන්ඩ නීති සංග්‍රාහයට නව නීති ගෙන එමට වත්මන් ආණ්ඩුව උත්සහ දරන බවත් යුක්තියට හඬක් සංවිධානයේ නීති ලේකම් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
මෙ වන විටත් ඒවැනි වෛරි ප්‍රකාශ සම්බන්ධයේ දඬුවම් පැමිණිවීමට අවශ්‍ය නිති අප රට තුල කිබේන බැවින් නව නීති අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දෙයි.
වෛරී ප්‍රකාශ යනුවෙන් ඔවුන් අර්ථ දැක්වීමට උත්සහ දරන්නේ ජනාධිපති ,අගමැති ඇතුළු පිරිසට බැනවදින පිරිස සහ ඔවුන්ගේ වැරදි සම්බන්දයෙන් ප්‍රකාශ කරන පිරිස බය කිරිමට බවද එම සංවිධානය වැඩිදුරටත් පැවසීය.