නියඟයෙන් පීඩා විඳින ඉන්දීය වැසියෝ
සයුරෙන් එතෙර

නියඟයෙන් පීඩා විඳින ඉන්දීය වැසියෝ

June 18, 2019   04:15 pm

ඉන්දියාවේ ප්‍රදේශ රැසක්ම නියඟයට ගොදුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් එරට ජනතාව උග්‍ර ජල අර්බුදයකින් පෙලෙන බවද එම වාර්තා සඳහන්.

නියගයත් සමඟ ඉන්දීය ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ප්‍රධාන අභියෝගය ජල අර්බුදයයි.

ඇතැම් ප්‍රදේශවල වැසියන්ට දෛනික අවශ්‍යතා සඳහා ජලය සොයා කිලෝමීටර් ගණනක් දුර ගෙවා යෑමටද සිදුව තිබේ.

ප්‍රවාහන පහසුකම් නොමැති බැවින් තමන්ට ජලය සොයා පා ගමනින්ම යෑමට සිදුව ඇති බව ඇතැම් පිරිස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේය.

එමෙන්ම නියගය හේතුවෙන් වගා කටයුතුවලටද බාධා මතුව තිබේ.

මෙම තත්ත්වය ජනතාවගේ ජීවන තත්ත්වය පහළ බැසීමටත් හේතුවී ඇති බව සඳහන්.

මෙම වාතාවරණය තුළ ජනතාවට ජීවනෝපාය මාර්ගයක් සොයා වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීමටත් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් ජනතාවට අවශ්‍ය දෛනික ජල පහසුකම් සැපයීම සඳහා  පියවර ගන්නා බව බලධාරීන් පවසන්නේය.