විචිත්‍රවත් ආගමික උත්සවයක්
සයුරෙන් එතෙර

විචිත්‍රවත් ආගමික උත්සවයක්

June 18, 2019   04:12 pm

බොලිවියාවේ පැවති සුවිශේෂී ආගමික උත්සවයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

සාම්ප්‍රදායික නර්තනාංග ඇතුළත් වීථි පෙරහැක් පැවැත්වීම එහිදී සිදු කෙරෙයි.

බොලිවියාවේ පවත්වන වඩාත් වැදගත් මෙන්ම විචිත්‍රවත් ආගමික උත්සවය වන්නේ ජීසස් ඔෆ් ග්‍රේට් පවර් වීථි පෙරහැරයි.

මෙවර පැවති එම පෙරහැරට නර්තන ශිල්පීන් හතළිස් දහසක් පමණ සහභාගි වී සිටියේය.

එමෙන්ම වාද්‍ය ශිල්පීන් හත්දහසක පමණ පිරිසක්ද ඊට එක් වූ බව සඳහන්.

කිලෝමීටර් අටක දිගකින් යුක්ත වූ වීථි පෙරහැර අවසන් වීම සඳහා පැය 14කට ආසන්න කාලයක් ගතවී තිබුණි.

පෙරහැරට සහභාගී වන නර්තන ශිල්පීන් සාම්ප්‍රදායික ඇන්ඩියානු ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටීමත් විශේෂත්වයක්.

ස්පාඤ්ඤ යටත් විජිත සමයේදී ක්‍රිස්තුස් වහන්සේට ගෞරව දක්වනු පිණිස ආරම්භ කරන ලද මෙම වීථී පෙරහැර පසුගිය ශතවර්ෂය තුළදී වාර්ෂිකව සමරන ආගමික උත්සවයක් බවට පත්ව තිබේ.