රාජිත පැනිල්ලක් පනින්නයි හදන්නේ-නැව ගිලෙන කොට ගෙම්බා පනිනවා

රාජිත පැනිල්ලක් පනින්නයි හදන්නේ-නැව ගිලෙන කොට ගෙම්බා පනිනවා

June 18, 2019   03:56 pm

රට මොන තරම් කඩා වැටුනත් ආණ්ඩුව අත්හැරීම සඳහා එක්සත් ජාතික ජාපය සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

අද(18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසසීය.

“ලංකාවේ දුම්වැටි මත් ද්‍රව්‍ය භාවිතය අඩු කරා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සම්මාන පවා දුන්නා. ජනාධිපතිවරයාව අඹමල් රේණුවක තරම්වත් මායිම් නොකර මුදල් ඇමැතිවරයා චීන සිගරැට් ගේන්න හදනවා. 

මේ සිද්ධිය අල්ලගෙන රාජිත සේනාරත්න මහත්තයා පැනිල්ලක් පනින්නයි හදන්නේ. රාජිත සේනාරත්න සඳහන් කරනවා දුම්වැටි ගෙන්වීම නතර නොකලොත් ඇමති ධුරයෙන් අස් වන බව. 

නැව ගිලෙන බව දැනෙනකොට ගෙම්බ පනිනවා. මේවගේ ගෙම්බෝ අපි දන්නේ නැහැ.කරවිල කරලට වැටුණු පනුවා කරවිල යම කාගෙන කාගෙන ඉන්නවා වගේ ඉන්නයි තියෙන්නේ.

පහුගිය දවස් වල මේ අයට ලොකු ප්‍රශ්නයක් තිබුනා මොන රාජපක්ෂවරයා ජනාධිපතිවරයාට එයිද කියලා. ඒ අය කිව්වේ රාජපක්ෂ පවුල ඇතුලේ ජනාධිපති පොරයක් කියලයි. 

කිසිම හොරයක් නැතුව අපි එකම ගමනක යනවා. දැන් කරු ජයසූරිය මහත්තයා ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයො පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කරන්න සූදානම් වෙනවා. 

අජිත් පී පෙරේරා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව කියනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගන්න බැරුව ඉන්නේ.හරියටම ඒ අයගේ අපේක්ෂකයා තෝරා ගත්ත දවසට එක්සත් ජාතික පක්ෂය කෑලි දෙක තුනකට කැඩෙනවා.“