ජීවිත එක්ක සෙල්ලම් කරන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා-වෙදආරච්චි

ජීවිත එක්ක සෙල්ලම් කරන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා-වෙදආරච්චි

June 18, 2019   01:41 pm

සිය පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අහිංසක ජනතාවගේ ජිවිත සමඟ සෙල්ලම් කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් තවමත් සිටින බවට ජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිවි මහල් පරිපාලන ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම නිමිත්තෙන් (17) පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

දේශපාලනය , පක්‍ෂ , පාඨ ඇගපුරා තවරාගනිමින් එලෙස කටයුතු කරණ නිලධාරීන්ට තවදුරටත් එම සෙල්ලමේ නිරත වීමට ඉඩ දිය නොහැකි බව සදහන් කළ අමාත්‍යවරයා සියළු මහජන පැමිණිලි දිස්ත්‍රික් ලේකම් වෙත යොමුකර ජනතාවගේ ජිවිත සමඟ සෙල්ලම් කරන එවැනි නිලධාරීන් පිලිබදව දැඩිව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

එලෙසම ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට බඩ ගින්නේ මියයාමට ඉඩ නොතබා රජය විදිමත් යාන්ත්‍රනයක් සකස් කර ඇති බැවින් යම් ලෙසකින් එවැනි මරණයක් සිදුව ඇත්නම් රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන නිලධාරීන් දැඩිව ඊට වගකිවයුතු බව සදහන් කළ අමාත්‍යවරයා තිස්සමහාරාම ප්‍රදේශයේ මාස 11 ක දරුවෙක් කුසට අහරක් නොමැතිව මිය ගිය බව දැනගැනීමෙන් මහත් දුකක් වගේම නිලධාරීන් පිලිබදව විශාල කලකිරීමක් ඇති වූ බව පැවසිය.