වෙරළ ඛාදනයෙන් පීඩා විඳින කුට්ටිදූව ජනතාව

වෙරළ ඛාදනයෙන් පීඩා විඳින කුට්ටිදූව ජනතාව

June 18, 2019   01:24 pm

මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේ සිදුවන වෙරළ ඛාදනය හේතුවෙන් පිඩාවිඳින ප්‍රදේවාසීන් පිරිසක් පිළිබඳ පුවතක් අද දෙරණට වාර්තා විය.

මීගමුව කුට්ටිදූව ප්‍රදේශය වෙරළ ඛාදනයට ලක්වන්නේ දැනට වසර 2ක පමණ කාලයක සිටයි. 

වෙරළ ආරක්ෂා කිරීමට ගල්වැටියක් ස්ථාපිත කළද එය අවසන් නොකිරීම හේතුවෙන් අද වන විට වෙරළේ සිට ගොඩබිමින් මීටර් 150 ක පමණ ප්‍රදේශයක වෙරළ ඛාදනයට ලක්ව ඇති අයුරු දක්නට හැකියි.

මේ  හේතුවෙන් ප්‍රදේශයේ නිවාසවලට හා කරවල වේලීමේ නිරත ජනතාවට මෙන්ම ධිවර ප්‍රජාවටද දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදුව තිබේ.

වෙරළ  සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ සම්බන්ධයෙන් අවස්තා කිහිපයකදී දැනුම් දුන්නද ඊට අවධානය යොමු නොවන බවට ජනතාව මැසිවිලි නගයි.