අගමැතිගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ නෑ-ආනන්ද සාගර හිමි
June 18, 2019 01:03 pm
හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව සිදුකරන ලද පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලකට අදාලව මෙම කැදවිම සිදුකර ඇති බව පූජ්‍ය ආනන්ද සාගර හිමි සදහන් කළේය.
එහිදි ආනන්ද සාගර හිමි පැවසුවේ මිට වසර 5කට පෙර සිටම විල්පත්තු වන විනාශය සම්බන්දයෙන් ආයතන ගණනාවකට පැමිනිලි ඉදිරිපත් කර ඇති නමුත් කිසිඳු අවස්තාවක රිෂාද් බදියුදීන් මහතාව ගෙන්වා ප්‍රශ්න කිරිමක් සිදු නොකළ බවයි.
නමුත් මෙම සතිය පුරාවටත් එබෛන සතියේ දින 3කුත් ප්‍රකාශ ලබා දීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව කැදවා ඇති බව ආනන්ද සාගර හිමි පවසයි.
මෙවැනි ක්‍රියාමාර්ග ඔස්සේ කිසිදු විටකදි සදාරණයක් බලාපොරෝත්කු විය නොහැකි බවද උන්වහන්සේ පවසයි.
එසෙම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කිසිඳු විටකදි සාධාරණයක් බලාපොරෝත්තු විය නොහැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.