සුව ඇමතිට එරෙහිවු අත්සන් දස ලක්ෂය

සුව ඇමතිට එරෙහිවු අත්සන් දස ලක්ෂය

June 18, 2019   12:44 pm

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහාතාගේ ක්‍රියාකළාපයට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයකින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ ඊට මහජන අත්සන් ලබාගැනීමේ පළමු අදියර කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට නියමිත බවයි.

 එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරිමට ද කටයුතු කරන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.

අප කළ විමසීමකදි ඒ මහතා මේ බව පැවසීය.

රටට ලැබුණ තනතුර දේශපාලන වාසි ලබා ගැනීම සඳහා වැරදි ලෙස පාවිච්චිකරන බවත් බාල තත්ත්වයේ ඖෂධ ගෙන්වා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයටඉදිරිපත් කරන පැමිනිල්ලට ඇතුලත් කරන බව වෛද්‍යවයා එහිදි වැඩිදුරටත් ප්‍රකශ කළේය.