ලෝකයේ පැරණිතම ධජයට වසර 800 ක්
සයුරෙන් එතෙර

ලෝකයේ පැරණිතම ධජයට වසර 800 ක්

June 18, 2019   12:21 pm

දැනට භාවිතයේ පවතින ලොව පැරණිම ධජය ලෙස සැලකෙන්නේ ඩෙන්මාර්කයේ ජාතික ධජයයි.

එය නිර්මාණය කර පසුගිය 15වනදාට වර්ෂ 800ක් සම්පූර්ණ විය.

ඩෙන්මාර්ක ජාතික ධජය නිර්මරණය කර තිබෙන්නේ 1219 වර්ෂයේයි.

රතු පැහැති පසුබිමේ සුදු පැහැති කුරුසයක් සහිතව නිමවා ඇති එහි රතු වර්ණයෙන් නිර්භීතභාවයත් සුදු වර්ණයෙන් සාමයත් පිළිඹිබු වෙන බව සඳහන් වෙයි.

1219 වර්ෂයේ ජුනි 15වන දා මෙම ධජය ඩෙන්මාර්කයේ ජාතික ධජය ලෙස පිළිගෙන තිබේ.

එම සිදුවීමෙන් මේ වන විට වර්ෂ අටසීයක් ගතවී ඇති අතර ඒ අනුව දැනට භාවිතයේ පවතිව ලොව ඉපැරණිම ධජය ලෙස සැලකෙන්නේ මෙයයි.

ඩෙන්මාර්ක ධජයේ අටසියවන සංවත්සරය වෙනුවෙන් එරට කිරුළ හිමි ෆ්‍රෙඩ්රික් කුමරු සහ මේරි කුමරියගේ සහභාගිත්වයෙන් විශේෂ උත්සවයක්ද පැවැත්විය.

එම උත්සවය සඳහා සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී සිටි ආකාරයත් දක්නට ලැබුණි.