සයුරෙන් එතෙර
ලොව විශාලතම කෝපි කෝප්පය
June 18, 2019 12:15 pm
ලොව විශාලතම කෝපි කෝප්පය ඇතුළු නව ගිනස් ලෝක වාර්තා දෙකක් පිහිටුවීමට කොලොම්බියාව උත්සහ දරා තිබේ.
මෙය එරට කෝපි සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කොලොම්බියාවේ චින්චිනා කඳුකර ප්‍රදේශය එරට කෝපි වගාවේ හදවත බඳු ප්‍රදේශය ලෙසයි සැලකෙන්නේ.
මෙම ප්‍රදේශයේ වැදගත්කම සහ එහි කෝපි සංස්කෘතිය විදහා දක්වමින් නව ගිනස් වාර්තා දෙකක් පිහිටුවීමට චින්චිනා වැසියන් පිරිසක් පසුගියදා උත්සහ කළා.
ඒ ලොව විශාලතම කෝපි කෝප්පය නිපදවමින්.
එම කෝප්පයේ ඇති කෝපි පානය කිරීම සඳහා අවම වශයෙන් පුද්ගලයන් හත්සිය තිස් නව දෙනෙකු අවශ්‍ය වන අතර එය ලොව විශාලතම කෝපි රස බැලීම ලෙසින් දෙවන ගිනස් වාර්තාවට සුදුසුකම් ලබනු ඇති.
මෙම දැවැන්ත කෝපි කෝප්‍ය නිපදවීම සඳහා කෝපි ටොන් 20ක් පමණ යොදාගෙන ඇති අතර එම කෝපි රස විඳීමට බොහෝ පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණා.
කෙසේ නමුත් ගිනස් ලෝක වාර්තා කමිටු බලධාරීන් සඳහන් කළේ නිල ගිනස් ලෝක වාර්තාව ප්රදානය කිරීමට පෙර මේ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි විමසා බැලීමට තමාට අවශ්‍ය බවයි.
ආහාර හා සම්බන්ධ ලෝක වාර්තා පිහිටුවීමේදී සාක්ෂි ඉතා සවිස්තරාත්මක වීම ඊට හේතුවයි.