ලොව පැරණිතම ගුවන් සංදර්ශනය
සයුරෙන් එතෙර

ලොව පැරණිතම ගුවන් සංදර්ශනය

June 18, 2019   12:13 pm

ලොව පැරණිම ගුවන් සංදර්ශනය ලෙසින් සැලකෙන පැරිස් ගුවන් සංදර්ශනය ඊයේ(17) ආරම්භ විය.

එම අවස්ථාවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ද සහභාගි වී සිටියේය.

වර්ෂ දෙකකට වරක් පැවැත්වෙන පැරිස් ගුවන් සංදර්ශනය ලොව විශාලතම ගුවන් සංදර්ශනයයි.

මේ වසරට යෙදී ඇති පැරිස් ගුවන් සංදර්ශනය ජුනි 17වන දා සිට ජුනි 23වන දා දක්වා පැවැත් වෙයි.

එහි සමාරම්භක අවස්ථාවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ද සහභාගි විය.

ප්‍රංශය හා ජර්මනිය එක්ව සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම් අස්සන් කර ඇති නව ප්‍රහාරක ගුවන් යානයක්ද මෙහිදී එලිදක්වා ඇති බව සඳහන් වෙයි.

මේ අතර ලොව විශාලතම ගුවන්යානා නිෂ්පාදකයා වන බෝයිං සමාගම එම සමාගමේ බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා දෙකක් අනතුරට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල කළේය.

අදාළ සිදුවීම් දෙක සම්බන්ධයෙන් සමාව අයැදි සිටි බෝයිං සමාගම යළිත් එවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ නොතබන බවද අවධාරණය කර තිබේ.

තවද පැරිස් ගුවන් සංදර්ශනය අතරතුරදී එයාර්බස් සමාගම A 321 නියෝ ජෙට් වර්ගයේ නවතම ගුවන් යානය එළිදක්වා තිබුණා.

ඒ සඳහා දැනටමත් විශාල ඉල්ලුමක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.