කොරියානු කාන්තා පාපන්දු කණ්ඩායම පරාජය කරමින් නෝර්වේට ජයක්

කොරියානු කාන්තා පාපන්දු කණ්ඩායම පරාජය කරමින් නෝර්වේට ජයක්

June 18, 2019   11:45 am

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් ජය වාර්තා කිරීමට නෝර්වේ කාන්තා පාපන්දු කණ්ඩායම සමත් විය.

ඒ දකුණු කොරියානු කාන්තා පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙවර තරගාවලියේ දකුණු කොරියාව සහ නෝර්වේ කාන්තා කණ්ඩායම් A කාණ්ඩයෙන් තරග වදියි.

ඒ අනුව ආරම්භ වු තරගයේ පළමු අර්ධයේ 5 වන මිනිත්තුවේදී නෝර්වේ ක්‍රීඩිකාවන්ට දඩුවම් පහර අවස්ථාවක් හිමි වු අතර ඔවුන් විසින් එය සාර්ථක කර ගනිමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

එම අර්ධයේදී ප්‍රතිවාදී දකුණු කොරියානු ක්‍රීඩිකාවන්ට ගෝල වාර්තා කිරීමට නොහැකි වු අතර තරගයේ පළමු අර්ධ අවසන් වුණේ ගෝල 1ට 0ක් ලෙස නෝර්වේ කණ්ඩායම ඉදිරියෙන් තබමින්.

තරගයේ දෙවන අර්ධයේ 51 වන මිනිත්තුවේදී ද දකුණු කොරියානු ක්‍රීඩිකාවකගෙන් සිදු වු වැරැද්දක් හේතුවෙන් නෝර්වේ ක්‍රීඩිකාවන්ට දඩුවම් පහර අවස්ථාවක් හිමි විය.

එම අවස්ථාව සාර්ථක කර ගැනීමට නෝර්වේ ක්‍රීඩිකාවන් සමත් වු අතර තරගයේ 78 වන මිනිත්තුවේදී දකුණු කොරියානු ක්‍රීඩිකාවන් සිය පළමු ගෝලය වාර්තා කළේය.

කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 2ට 1ක් ලෙස ජය හිමි කර ගැනීමට නෝර්වේ කාන්තා පාපන්දු කණ්ඩායම සමත් විය.