සයුරෙන් එතෙර
ඊජිප්තු හිටපු ජනාධිපති මිය ගියේ හෘදයාබාධයකින්ද ?
June 18, 2019 10:35 am
ඊජිප්තු හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සිගේ මරණය පිළිබඳ ස්වාධීන හා විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානය පවසයි.
67 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඊයේ (17) නඩු විභාගයක් සදහා අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ හදිසියේ මියගොස් තිබූ අතර හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවට බලධාරීන් ප්‍රකාශ කර තිබුණේය.
කෙසේවෙතත් මොහොමඩ් මුර්සිගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද බලධාරීන් නිසි අවධානය යොමු කළේ ද යන්න පිළිබඳ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් මෙන්ම දේශපාලන ක්රි්යාකාරීන් ද ප්‍රශ්න කර ඇත.
2013 වසරේදී බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ඊජිප්තු හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සි විවිධ චෝදනා මත බන්ධනාගාරයේ රඳවා තිබුණි.