දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල නිසා රටේ ආර්ථිකය බිඳ වැටිලා

දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල නිසා රටේ ආර්ථිකය බිඳ වැටිලා

June 18, 2019   10:21 am

දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් අද රටේ ආර්ථිකය බිඳ වැටි ඇති බව ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව පවසයි.

එහි නියෝජිතයින් මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව සඳහන් කළේය.

අද වන විට සීගිරිය හුදෙකලා වූ ස්ථානයක් බවට පත්ව ඇති බව ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව පෙන්වා දෙයි.

රටේ ඇති පුද්ගලික හෝටල් සියල්ල මේ වන විට කඩා වැටී ඇති බවත් අදාළ හෝටල් හිමිකරවන් විසින් ගත් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව ඔවුන් අසරණ භාවට පත්ව ඇති බවත් ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව වැඩිදුරටත් පැවසීය.