විසි වසරකට පසු ක්‍රියාත්මක වූ නීතිය

විසි වසරකට පසු ක්‍රියාත්මක වූ නීතිය

June 18, 2019   10:00 am

1999 වර්ෂයේදී රාජාංගනයේ පිහිටි එක්සත් ජාතික පාක්ෂිකයෙකුගේ නිවසකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර නගරාධිපති තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපති, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති, රාජාංගනය ප්‍රෙද්ශයේ ග්‍රාමනිලධාරීවරයෙක් ඇතුළු 06දෙනෙක් ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර තිබේ.

අදාළ පුද්ගලයින් 06දෙනා ඊයේ(17) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර ඔවුන් මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර නගරාධිපති තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපති, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති, රාජාංගනය ප්‍රෙද්ශයේ ග්‍රාමනිලධාරීවරයෙක් ඇතුළු 06දෙනෙක් ඊයේ තඹුත්තේගම පොලිසියට පැමිණ භාර වී තිබේ.

ඒ මෙම සැකකරුවන් නීතිඥයින් මාර්ගයෙන් පොලිසියට බාර වූ අවස්ථාවේ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙසේ බන්ධනාගාර ගත කළේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී සෝමදාස උතුරු මැද පළාත් සභාවේවි හිටපු සභාපති ටී. එමි. ආර්. සිරිපාල,  තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දුක නුවන් තෙන්නකෝන් රාජාංගනය ප්‍රාදේශීය සභාවේවි උප සභාපති සමන් නිල්මිණි සහ ග්‍රාම නිලධාරී  සහ ජගත් චන්ද්‍රසිරි යන සැකකරුවන්ය.

අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට බෝමිබ ගසා රුපියල් ලක්ෂ 30ක් පමණ දේපල හානියක්  සිදු කිරීමේ සිද්ධියට සමිබන්ධ සියලූ  සැකකරුවන් වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  තඹුත්තේගම හිටපු මහේස්ත්‍රත් බංඩාර ඉලංගසිංහ මහතා තඹුත්තේගම පොලිසියට අවස්ථා දෙකකදී මීට පෙර නියෝග ලබාදී  තිබුණද පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම පැහැර හැර තිබු බව අප වාර්තාකරු සඳහන් කරයි.