චීන ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක
සයුරෙන් එතෙර

චීන ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක

June 18, 2019   09:44 am

චීන ජනාධිපති ෂී ජින් පිං උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඔහු ලබන බ්‍රහස්පතින්දා දින උතුරු කොරියාවේ දෙදින සංචාරයක් සදහා සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

කොරියානු අර්ධද්වීපය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදි චීන ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

චීන ජනාධිපතිවරයෙකු වසර 14කට පසුව උතුරු කොරියාවේ දෙදින සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේය.