අද තරගය එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර

අද තරගය එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර

June 18, 2019   09:36 am

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී එම තරගය පැවැත්වීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම මේ වන විට සහභාගී වූ තරග 4න් තුනක් ජයගෙන ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැදී සිටින අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වෙයි.