හොර සල්ලි ළඟ තබාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
June 18, 2019 08:11 am
ව්‍යාජ මුදල් නොට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හසලක උඩුදහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
හසලක පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.
එහිදි සැකකරුවන් සතුව තිබී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි සහ 27 හැවිරිදි හසලක ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (18) මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.