කොක්කුවිල් ප්රදේශයේ නිවසකට අලාභහානි කළ 10 ක් අත්අඩංගුවට
June 18, 2019 06:47 am
යාපනය,කොක්කුවිල් ප්රදේශයේ නිවසියන් වෙත තර්ජනය කොට නිවසකට පහරදී ඊයේ(17) දහවල් අලාභහානි සිදුකළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ දෙපිරිසක් අතර වු ගැටමක ප්රතිඵලයක් ලෙස අදාළ නිවස වෙත පහරදි ඇති අතර ප්රහාරයෙන් නිවසේ භාණ්ඩ වෙත හානි සිදුවි ඇති බවයි.
සැකකරුවන් මත්පැන් හලක මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවක ඊයේ සවස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
යාපනය ආරක්ෂක අංශ පැවසුවේ අදාළ පහරදීම කල්ලි දෙකක් අතර වු ගැටමක ප්රතිඵලයක් බවට සැක පළ කරන බවයි.
අදාළ සිදුවීමට අමතරව යාපනය සුදුමලෙයි ප්රදේශයේදී කිසියම් පිරිසක් පහරදි කාන්තාවකට හා පුද්ගලයෙකුට තුවාල සිදුකොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
තුවාලකරුවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.
කොක්කුවිල් පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අද(18) යාපනය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.