මුස්ලිම් අමාත්‍යවරුන්ට නැවත අමාත්‍ය ධුර භාරගන්නා ලෙස මහා නා හිමිවරුන් ඉල්ලීමක් කළේ නෑ
June 18, 2019 12:15 am
සිය අමාත්‍යධුර වලින් පසුගියදා ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට නැවත එම ධුර භාරගන්නා ලෙස මහා නා හිමිවරුන් කිසිසේත් ඉල්ලීමක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලීයේ රතන හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු වීමසීමට ඊයේ (17) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත වැඩම කළ අවස්ථාවේදීයි.
මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු වීමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලීයේ රතන හිමියන් ඊයේ පසවරුවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත වැඩම කර සිටියේය.
එහදි උන්වහන්සේ පැවසුවේ විශ්වවිද්‍යාලයක් ලියාපදිංචි කිරිමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නීතිමය බලයක් මේ වන විට නොමැති බව තමන්ට එහි සිටි නිලධාරින් දැන්වු බවයි.
එමෙන්ම එම නීතිමය බලය උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ඇති බව තමන්ට දැන්වු බැවින් තමන් වහන්සේ එහි වැඩම කළ බවද රතන හිමියන් මාධ්‍යට දන්වීය.
එහි ගොස් විමසු විට එම අමාත්‍යංශයේ නිළධාරින් පවසා ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල ලියාපදිංචි කිරිම සඳහා වෙනමම එකකයක් ඇති බවත් එම එකකයෙන් පමනක් අදාල තොරතුරු ලබා ගත හැකි බවද උන්වහන්සේට දැනගැනීමට හැකි වු බවත් මාධ්‍යට පැවසීය.