බදියුදීන් ඉඩම් වංචා සඳහා හිස් ලේඛනවලට අස්සන් අරන්-ජනපති කොමිසමේ දී හෙළිවෙයි
June 17, 2019 12:44 pm
රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් රජයේ ඉඩම් ව්‍යාජ ඔප්පු මඟින් වෙනත් පාර්ශවයන් වෙත පවරාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණි.
එමඟින් දක්වා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක ඉඩම් සිය බිරිඳ සහ පවුලේ ඥාතීන් වෙත පවරාදීමට රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවයි.
ඒ අනුව සාක්ෂි සඳහා කැඳවු පාර්ශව විසින් රජයේ ඉඩම් පවරාදීම සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.
පසුගිය යුද සමයේදි මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක භූමි ප්‍රදේශයක ජීවත්ව වෙනත් ප්‍රදේශවලට ගිය ජනතාවගේ ඉඩම්, රිෂාද් බදියුදින් මන්ත්‍රීවරයා විසින් පවරාගෙන ඇති බව අනාවරණය වී ඇත.
එම ජනතාවට රුපියල් ලක්ෂ 5 ත් 10 ත් අතර ප්‍රමාණයක මුදල් ලබාදී අදාල ඉඩම් පවරාගෙන ඇති අතර ඇතැම් පුද්ගලයින්ගෙන් හිස් ලේඛනවලට ද අත්සන් ලබාගෙන ඇති බවට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත සාක්ෂි ලබාදෙන පිරිස් සදහන් කර තිබේ.
මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු පමණ කොමිශන් සභාව හමුවේ සාක්ෂි ලබාදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා අද (17) පැමිණෙන ලෙස පුද්ගලයින් 08 දෙනෙකුට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළේය.