ආණ්ඩුවේ ආයුෂ ගැන හිමිනමක් සජිත්ට කළ විහිළුව

ආණ්ඩුවේ ආයුෂ ගැන හිමිනමක් සජිත්ට කළ විහිළුව

June 17, 2019   11:32 am

රුපියල් ලක්ෂ 83ක් ඇස්තමේන්තු කර ඇති ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ගත වන කාලය සම්බන්ධයෙන් අදාල නිළධාරින් සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති වු සංවාදයක් අද දෙරණට වාර්තා විය.

එහිද අදාල ගොඩනැගිල්ල ඉදිකිරීමට ගත වන කාලය දිනවකවානු ඇතිව නිවැරදිව පවසන ලෙස අමාත්‍යවරයා නිළධාරින්ගෙන් විමසීමක් කළේය.

නිළධාරින් පැවසුවේ ඒ සඳහා මාස පහක කාලයක් ගත වන බවයි.

නමුත් එයට විරුද්ධ වු අමාත්‍යවරයා පැවසුවේ මාස 2ක් වැනි කාළයක් ඇතුලත එම ගොඩනැගිල්ල ඉදිකර අවසන් කළ යුතු බවය.

එහිදි නැවතත් නිළධාරින් කළ දැඩි ඉල්ලීම මත මාස 3ක කාලයකින් එම ගොඩනැගිල්ල ඉදිකර අවසන් කරන ලෙසට අමාත්‍යවරයා නිළධාරන්ට අණ කළේය.

එම සංවාදය අසා සිට හිමිනමක් නිළදාරිට පැවසුවේ කෙසේ හො ඉක්මනික් මාස 3ක කාලය ඇතුලත එම ගොඩනැගිල්ල සාදා නිම කරන ලෙසත් නැතහොත් මාස 5ක් කල් ගත වන විට වත්මන් ආණ්ඩුව බලයෙන් ඉවත් වීමටද ඉඩ ඇති බවයි.

එසේ වුවහොත් අදාල ඉදිකිරිමේ සිදුකර ගැනීමට නොහැකිවන බවද හිමිනම පැවසීය.

එයට සිනාමුසු මුහුණින් ප්‍රචාර දක්වු සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පැවසුවේ එවැන්නක් සිදු නොවන බවත් මාස 5කට පසුවත් බලයේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බවත්ය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2019 පොසොන් පුන්‍යෝත්සවයට සමගාමීව රුපියල් ලක්ෂ 2272 ක වියදමින් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (16) දින සහභාගී වෙමිණි.  

කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ “බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමය” දිප ව්‍යාප්තව ආරම්භ කරන බවද  අමාත්‍යවරයා එහිදි පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව සම්බුදු සසුන සුරක්ෂා කිරීමට අප බැඳී සිටින බැවින් බුදු සසුනේ චිරස්තිථිය වෙනුවෙන් ඇප කැප වී තමන් කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.