ත්රිරෝද රථයක් ඇතුගලින් පහලට-පුද්ගලයෙක් මරුට-5කට තුවාල
June 17, 2019 11:25 am
කුරුණෑගල, ඇතුගල කන්ද මාර්ගයේදී ත්රීරෝද රථයක් රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පස් දෙනෙකු රෝහල් ගත කර තිබේ.
ඊයේ(16) උදෑසන 10.45ට පමණ මෙම අනතුර සිදු ඇති බව බව පොලීසිය පවසයි.
ඇතුගල කන්ද මුදුණෙහි පිහිටි පන්සලට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
අදාළ අනතුරින් මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි දෙමටපුව, වාරියපොල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කුරණෑගල රෝහලේ මෘත ශරීරා ගාරයේ තැම්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුරුණෑගල පොලීසි විසින් සිදු කරයි.