උකුසු ඇසට හසු වු තවත් ජාවාරමක්

උකුසු ඇසට හසු වු තවත් ජාවාරමක්

June 12, 2019   08:29 pm

කුලී පදනම මත මෝටර් රථ ලබා ඒවා උකස් කර මුදල් සොයන ජාවාරම්කරුවෙකු පිළිබද අපට කඩවත ප්‍රදේශයෙන් වාර්තා විය.

අප අදාළ පුද්ගලයා සම්බන්ධ කරගන්නේ, ෆේස් බුක් හරහා කාන්තාවක් මාර්ගයෙන්. 

එහිදී අනාවරණ වුණේ සැකකරු වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඒ අනුව උකුස්සා, නවගමුව හා නිට්ටඹුව පොලිස් නිලධාරීන් සමඟ අදාළ රෝහලට යනු ලබයි.

දීර්ග වේලාවක් අප එහි රැදී සිටින්නේ සැකකරු රෝහලෙන් පිටතට පැමිණෙන තෙක්ය.

අවසානයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී තමා කුලී පදනම මත ගත් මෝටර් රථය කුරුවිට ප්‍රදේශයේ සඟවා ඇති බවට පාපොච්චාරණය කරනු ලබයි.

පොලිසිය මෝටර් රථය සොයාගන්නා විටත් එය අබලන්ව තිබුණි.

ඉදිරියේදීත් මෙවැනි කූඨ ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.