කැබිනට් රැස්වීම පැවැත්වීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමක්

කැබිනට් රැස්වීම පැවැත්වීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමක්

June 12, 2019   07:58 pm

කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කැබිනට් රැස්වීම ඊයේ (11) නොපැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා අද (12) මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඒ මහතා පැවසුවේ එට ආරාජික තත්ත්වයට පත් වී ඇති බවයි.

ලෝකයේ පළමු වතාවට ජනාධිපති සහ අගමැති දෙපැත්තට කඹ ඇදගන්න තත්ත්වයක් උදා වී ඇති බවද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවට සම්බන්ධයෙන් ජනපතිතුමාගේ යම් විරුද්ධත්වයක් තිබෙන බවද විපක්ෂ නායකවරයා පවසයි.

එමෙන්ම බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමෙන් විනාශයක් සිදු වන බවත් මිලේනියම් සිටි ගැටළුවේදී සිදු වුයේද බුද්ධි නිලධාරින් මිය යාම පමනක් බවද විපක්ෂ නායකවරයා පවසයි.

මුස්ලිම් අමාත්‍යවරු ඉවත්වීම සම්බන්ධයෙන්ද විපක්ෂ නායකවරයා එහිදි අදහස් ප්‍රකාශ කළේය.
 
ඒ සම්බන්දයෙන් තම විරුද්ධත්වය ප්‍රකාශ කළ බවද ඒ මහතා පවසයි.