සෞදියේ අබා ගුවන් තොටුපලට ත්‍රස්ථ ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

සෞදියේ අබා ගුවන් තොටුපලට ත්‍රස්ථ ප්‍රහාරයක්

June 12, 2019   04:47 pm

සෞදි අරාබියාවේ අබා ගුවන් තොටුපල වෙත ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වී ඇත.

මේ හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාල ප්‍රහාරය හවුති සටන්කාමීන් විසින් සිදුකරන්නට ඇති බවට සැක පල කරන බව සෞදි අරාබියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

කෙසේවතත් අදාල ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් විසින් බාරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.