වසර 2කට පෙර සහෝදරයා මිය ගිය තැනම තරුණයෙක් දිවි නසා ගනී
June 12, 2019 04:37 pm
මුලතිව්, සෙම්මලෙයි නැගෙනහිර ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු සිය ගම්මානය කෙළවර ගසක එල්ලි සියදිවි හානිකරගෙන ඇති බව මුලතිව් පොලීසිය පවසයි.
ජුනි 10 දා මෙම සිදුවීම සිදු ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
පොලිසිය පැවසූවේ ආරෝග්යනාදන් කපිලන් නමැති 19 හැවිරිදි තරුණයෙකු එලෙස ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි.
අදාළ තරුණයාගේ සහෝදරයාද මීට වසර දෙකකට පෙර අදාළ ස්ථානයට ආසන්න ස්ථානයකදී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව ප්රදේශවාසීන් පැවසූහ.
මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල වෙත ඇතුළත් කොට ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.