ගෙවත්තකින් හමු වු අත්බෝම්බ

ගෙවත්තකින් හමු වු අත්බෝම්බ

June 12, 2019   04:32 pm

වවුනියාව,වේලන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත් බෝම්බ පහක් ඊයේ (11) සවස සොයාගත් බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.

ගෙහිමියා ගෙවත්ත සකස් කරන අවස්ථාවක එහි සීමාවේ තිබි අදාළ අත්බෝම්බ දැක පොලිසිය දැනුවත් කොට ඇත.

අනතුරුව පොලිසිය ගොස් අදාළ ස්ථානයේ තිබු අත්බෝම්බ ලබාගත් අතර, වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ බෝම්බ නිශ්ක්‍රීය කිරීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත ලබාදුන් බවද පොලිසිය පැවසීය.

පසුගිය යුද සමයේ එල්. ටී. ටී. ඊ සංවිධානය දමාගිය බෝම්බ ‍එලෙස හමුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.