කතගේ රිය පැදවීමෙන් පිය පුතු දෙපළ රෝහලට-CCTV දර්ශන සහිතයි

කතගේ රිය පැදවීමෙන් පිය පුතු දෙපළ රෝහලට-CCTV දර්ශන සහිතයි

June 12, 2019   04:16 pm

ගොඩගම-බොරැල්ල මාර්ගයේ පනාගොඩ පාසල් හංදිය අසල පදික මාරුවෙන් ගමන් කරමින් සිටි පියෙකු සහ පුතෙකු මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අනතුර සිදුවන අකාරය අසල වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ උපකාරක පංතියකට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි පනාගොඩ රොමියෙල් මාවතේ පදිංචි පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ 9 වන වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙකු සහ එම සිසුවාගේ 42 හැවිරි පියා බව වාර්තා වෙයි.

අනතුර සිදුකළ මෝටර් රථව පැදවු ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්දයෙන් අතුරුගිරිය පොලීසිය වැඩදුර විමර්ශන සිදු කරයි.