කංජිපානි ඉම්රාන් තව දුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

කංජිපානි ඉම්රාන් තව දුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

June 12, 2019   03:36 pm

පසුගිදා ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් නමැත්තා තව දුරටත් මේ මස 26 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය භරයේ රඳවාගෙන සිටි කංජිපානි ඉම්රාන් නමැත්තා නිරීක්ෂණය සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සෑකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ අනුව සැකකරු තව දුරටත් ලබන 26  වනදා දක්වා තවදුරටත් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන් මහෙස්ත්‍රාත්වරිය  එදින නිරීක්ෂණය සඳහා නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.