ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර සාකච්ඡාව අවසන්-හයවන වටයටත් දින තීන්දුයි

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර සාකච්ඡාව අවසන්-හයවන වටයටත් දින තීන්දුයි

June 7, 2019   12:15 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති පස්වන වටයේ සාකච්ඡාව අද දහවල් අවසන් වුණි.

ඒ එළඹෙන 17වන සඳුදා, 06වන වටයේ සාකච්ඡා සඳහා යළි හමුවීමේ එකඟතාව මතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී‍ ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡා අද පැවැත්වුණි.

ඒ විපක්ෂ නායක කාර්යාලයේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඊට එක්ව සිටියේය.

අප වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, එම පක්ෂයේ සභාපති මහචාර්ය ජී.ඇල්. පීරිස් හා ජගත් වැල්ලවත්ත යන අය එක්ව සිටි බවයි.