ශ්රීලනිපය-පොහොට්ටුව අද යළි සාකච්ඡාවක
June 7, 2019 07:05 am
ශ්රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්රි ලංකා පොදුජන පෙරමුණ අතර පසුවන වටයේ සාකච්ඡාව අද(06) පැවැත්වෙයි.
අද පෙරවරු10.00ට විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
ශ්රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්රි තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගිවන බව වාර්තා වෙයි.
ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු අකාරය සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවලට යොමු වීම දෙපාර්ශවයේ අපේක්ෂාවයි.
තනතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවට පැමිණිය යුතු බවට පසුගියදා දයාසිරි ජයසේකර මහතා කළ ප්රකාශය ශ්රි ලංකා පොදුජන පෙරමුණේ දැඩි විවේඡනයට ලක් වුණි.