හිස්බුල්ලා හෝටලයක දී අරාබි ජාතිකයින් හමුවන දර්ශන පෙළක් නිකුත් වෙයි

හිස්බුල්ලා හෝටලයක දී අරාබි ජාතිකයින් හමුවන දර්ශන පෙළක් නිකුත් වෙයි

June 3, 2019   09:00 am

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සෞදි අරාබි ජාතිකයින් යැයි කිවහැකි පුද්ගලයින් කිහිපදෙනකු හමුවන සී.සී.ටීවී දර්ශන පෙළක් නිකුත් වී තිබේ.

මේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එනම් අප්‍රේල් 22 වනදා අදාළ හෝටලයට පැමිණෙන ආකාරය සී.සී.ටීවී දර්ශනවල සටහන්ව තිබූ ආකාරයයි.

පසුව හෝටලයේ රැඳී සිටි පිරිසක් ඔහු හමුවීමට පැමිණෙන ආකාරයත් ඔවුන් සමඟ ආණ්ඩුකාරවරයා හෝටලය තුළට යන ආකාරයත් එම දර්ශනවල සටහන්ව තිබේ.

අනතුරුව හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා යළි හෝටලයෙන් පිටතට පැමිණෙන විට ඔහු සමඟ අරාබි ජාතිකයින් යැයි කිව හැකි පුද්ගලයින් කිහිප දෙනෙකුද සිටින ආකාරය දැක්වෙයි.

පසුව වෑන් රථයක් එම ස්ථානයට පැමිණෙන අතර වෑන් රථයේ තිබූ බෑගයක් හෝටලය දෙසට රැගෙන එන ආකාරයත් ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණි.