ඇප මත සිටින පුද්ගලයෙකුගේ නිවසක් තුළ භූගත බංකරයක්

ඇප මත සිටින පුද්ගලයෙකුගේ නිවසක් තුළ භූගත බංකරයක්

May 26, 2019   10:10 pm

කලුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට ඇප මත සිටින පුද්ගලයෙකුගේ නිවසක් පරික්ෂා කෙරුණු අතර එහිදී එම නිවසේ ඉදිකරමින් පැවැති භූගත බංකරයක් සොයා ගෙන තිබේ.

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරිමේදී ව්‍යාජ ලෙස සකස් කළ රථවාහන අංක පුවරු 2ක් සහ කිනිසි 2ක් සොයාගෙන තිබේ.

අතර දිවයිනේ දිස්ත්‍රික්ක 06 කට අයත් ප්‍රදේශ රැසක අද(26) දිනයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.