නාත්තන්ඩියේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් 4ක් අත්අඩංගුවට

නාත්තන්ඩියේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් 4ක් අත්අඩංගුවට

May 26, 2019   09:52 pm

නාත්තන්ඩිය, මානිංගල ප්‍රදේශය තුළ කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ අද(26) උදෑසන මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

එමෙන්ම මෙම මෙහෙයුම අතරතුරදී යතුරු පැදි 04, ත්‍රී රෝද රථයක්, කඩු 02ක් , සංයුක්ත තැටි 28 ක්, සැකකටයුතු පොත් 48 ක් සහ සගරා 07 ක්ද ආරක්ෂක අංශ නිලධාරින් සිය භාරයට ගනු ලැබුවා.

මේ අතර කුරුණෑගල ,මාවතගම ප්‍රදේශයේ නිවාසද අද පරික්ෂාවට ලක් කිරීමේදී නිවාස කිහිපයක තිබි දුරදක්නයක් , පතරොම් කිහිපයක් සහ විදේශ ගමන් බලපත්‍ර විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.