ගංජා කිලෝ 126ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 126ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

May 26, 2019   09:02 pm

කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද උදයපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් පේසාලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.