ඔස්ට්‍රේලියානු පිලෙන් නව වාර්තාවක්
May 26, 2019 11:33 am
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම වාර ගණනක් ශූරතාව දිනාගත් කණ්ඩායමේ ගෞරවය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත.
මෙතෙක් පවත්වා ඇති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි 11 තුළ ඔස්ට්‍රේලියාව පස්වතාවක් ලෝක කුසලානය හිමි කරගත් අතර ඉන් අවස්ථා දෙකකකදී ඔස්ට්‍රේලියා පිලට නායකත්වය ලබා දුන්නේ රිකි පොන්ටින් විසිනි.
ඔස්ට්‍රේලියාවෙන් බිහි වු දක්ෂ නායකයෙක් ලෙස සැළකෙන පොන්ටින් මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩකයන් පිළිබඳ මත පළ කරන වීඩියෝ පට කිහිපයක් ක්‍රිකට් ඔස්ට්‍රේලියා වෙබ් අඩවියට එක් කර ඇත.
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ භයානකම පන්දු යවන්නා ලෙස ඔහු නම් කර තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ කැගිසෝ රබාඩායි.
එම වීඩියෝ පටයේ දී ඔහු සඳහන් කරන්නේ කැගිසෝ රබාඩාගේ දක්ෂතා හේතුවෙන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකි බවයි.
ලෝක කුසලාන ඉතිහාසයේ එක් අවස්ථාවකදී හෝ දකුණු අප්‍රිකාව ශූරතාව හිමි කරගෙන නැත.
මේ අතර රිකි පොන්ටින් භයානකම පිතිකරුවෙක් ලෙස ඉන්දියාවේ විරාත් කෝලි හඳුන්වයි.
එක්දින තරග රටාවේදී ඔහුගේ පිතිකරණ රටාවට සම කළ හැකි තව පිතිකරුවෙක් නැති බව පෙන්වා දෙන පොන්ටින් ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාවටද මෙවර ලෝක කුසලානයේ දී වැඩි දක්ෂතා දැක්විය හැකි බව ඔහු පවසයි.
ඉන්දියාව මීට පෙර අවස්ථා දෙකකදී ලෝක ශූරයන් බවට පත්ව ඇත.