සෝදිසියකදී හමුවු අහිමි වුණු ජීවිතයක්

සෝදිසියකදී හමුවු අහිමි වුණු ජීවිතයක්

May 23, 2019   12:54 pm

යුද හමුදාව විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමක් අතරතුරදී ඝාතනය කරන ලද විශාල ප්‍රමාණයේ  මුවෙකුගේ සමක් සොයාගෙන ඇත.

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වැල්ලවාය නගරය ආශ්‍රිත ප්‍රදේශය යුද හමුදා නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කළේය.

ඒ යුද හමුදා නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුවයි.

මෙහිදී නිවාස, ඉඩම් සහ සැකකටයුතු ස්ථාන රැසක් විශේෂ පරීක්ෂාවකට ලක් වූ අතර එහිදී සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර  ප්‍රදේශයේ කැලෑ බද ස්ථානයක දමා ගොස් තිබූ ඝාතනය කරන ලද විශාල ප්‍රමාණයෙ මුවෙකුගේ සමක් සොයාගෙන තිබේ.

මේ පිළිබඳව විමර්ශන සඳහා වැල්ලවාය පොලීසියට එම සම බාර දී ඇති අතර මේ පිළිබඳව ඉදිරි විමර්ශන වැල්ලවාය පොලීසිය සහ යුද හමුදා නිලධාරීන් එක්ව සිදු කරයි.