සියඹලාණ්ඩුව රෝහලේ ගලියක් උතුරයි-රෝගීන් දැඩි පීඩාවට
May 22, 2019 02:42 pm
සියඹලාණ්ඩුව මූලික රෝහලේ අපද්‍රව්‍ය බැහැර කරන ගලිය උතුරා යාම හේතුවෙන් ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටියි.
මෙම ගලිය උතුරා යාම ආරම්භ වී අද වන විට මාස හයක් ගතවී ඇතත් ඊට නිසි පිළියම් නොයෙදීම පුදුමයට කරුණකි.
මෙලෙස සියඹලාණ්ඩුව මූලික රෝහල වෙත පැමිණෙන ජනතාවට සිය නාසය වසාගෙන රෝහල් පරිශ්‍රයට ඇතුළු වන්නට සිදුවන්නේ මේ රෝහලේ රුධිර සහ මුත්‍රා බැහැරකරන ගලිය උතුරා යාම නිසාය.
සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි එකම මූලික රෝහල මෙය වන අතර දිනකට රෝගීන් 2000ක් පමණඉන් ප්‍රතිකාර ලබයි.
මීටත් අමතරව ප්‍රබලම හානිය වී ඇත්තේ මෙම අප ජලය අවසානයේ ගලා බසින්නේ ප්‍රදේශයේ දහස් ගනණක් ජනතාව ප්‍රයෝජනයට ගන්නා හැඩ ඔයට වීමයි.
සියඹලාණ්ඩුව මූලික රෝහල දිසා රෝහලක්ව පැවති 2009 වසරේ ඉදිකල මෙම ගලිය මේවනවිට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර මීට මාස 6ක සිට මෙම තත්ත්වය පැවතුනත් කිසිදු වගකිව යුත්තෙක් මීට අවධානයක් යොමු නොකිරීම පුදුමයට කරුණකි.
ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් පත්ව ඇති මෙම අපහසුතාවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි.