ත්‍රස්ත සමාජිත ආදිල් අමීස් තම ආයතනයේ සේවය නොකළ බවට වර්චුසා ආයතනයෙන් නිවේදනයක්

ත්‍රස්ත සමාජිත ආදිල් අමීස් තම ආයතනයේ සේවය නොකළ බවට වර්චුසා ආයතනයෙන් නිවේදනයක්

May 21, 2019   09:04 pm

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවකු වූ ආදිල් අමීස් (24) නමැති අයි.එස්. පුහුණුව ලද මුස්ලිම් අන්තවාදි සාමාජිකයා මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටිමින් දෙමටගොඩ වර්චුසා ආයතනයේ සේවය කළ බවට පැවසේන තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව එම ආයතනයේ පාලන අධිකාරිය පවසයි.

ඔහුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ සැකකරු තම ආයතනයේ කිසිදු අවස්ථාවක සේවකයේකු ලෙස කටයුතු කොකළ බවයි.

පරිගණක විද්‍යා ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වන ආදිල් අමීස් වෙබ් නිර්මාණකුවකු හා මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටිමින් අයි.එස්. මතවාද ව්‍යාප්ත කර ඇතැයි හෙළි විය.

මෙම සැකකරු පාස්කු ඉරිදා ප්‍රහායට සම්බන්ධ සහරාන්ගේ හා ඊබ්‍රාහිම්ගේ කණ්ඩායම් වලට තාක්ෂණික වශයෙන් සහාය ලබාදුන් අයකු බවද හෙළිවී ඇත.

අයි.එස්. සංවිධානයේ ජාත්‍යන්තර කණ්ඩායම් සමග සබදතා පැවැත් වූ මොහු තමිල්නාඩු තව්හිත් ජමාද් සංවිධානය සමගද එක්ව කටයුතු කර ඇතැයි විමර්ශන වලදී හෙළි වී තිබේ.

දෙහිවලදී මොහු අත්අඩංගුවට ගන්නා විටත් අලුත්ගම මොහුගේ නිවසේ තිබූ පරීක්ෂණවල සියලු රහස්‍ය දත්ත මකා දමා ඇති බවද හෙළිවී ඇත.

බ්‍රිතාන්‍යයේ දීත් උපාධියක් ලබා ඇති මොහු සිරියාවට ගොස් අයි.එස්. පුහුණුව ලබා ඇති අතර ඉන්දියානු රෝ ඔත්තු සේවාවද මොහු සම්බන්ධව තොරතුරු හෙළිකර තිබේ.