රසායන ද්‍රව්‍ය අඩංගු කෑන් තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රසායන ද්‍රව්‍ය අඩංගු කෑන් තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

May 19, 2019   10:58 pm

යුදහමුදා නිලධාරීන් අද (19) මාතලේ නගර මධ්‍යයේ ඇති වෙලඳසැලක් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස සඟවා තිබූ කිසියම් රසායන ද්‍රව්‍ය වර්ග කිහිපයක් අඩංගු කෑන් තොගයක් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අධික අන්ත්‍රාවයි යනුවෙන් එහි තිබූ ඇතැම් කෑන්වල සඳහන් කර තිබූණි.

එම රසායන ද්‍රව්‍ය මිනිස් ශරීරයට හානිකරදැයි සෙවීම සඳහා රස පරීක්ෂක සහ තේ මණ්ඩලයේ නිලධාරීන් කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මීට අමතරව එකම අංකය සහිත ජාතික හැදුනුම්පත් 3ක් සහ අංක තහඩු 4ක්ද එම ස්ථානයේ තිබී සොයාගත් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.