සීගිරියට 10000ක ජනතාවක්
May 19, 2019 09:29 pm
වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දස දහසකට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා අද (19) සිගිරියේදී පැවසීය.
ඊයේ (18) සිට (20) දක්වා නොමිලේ දේශීය සංචාරකයන්ට සීගිරියේ නැරඹීම සඳහා අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුවත් සමඟ මේ හා විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙදින උදෑසන සිටම සීගිරිය නැරඹීම සඳහා දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණීමත් සමඟ සීගිරිය ගල උඩ දැඩි තදබදයක් ද පැවතිණි.
සීගිරිය නැරඹීමට නොමිලේ ලැබෙන අවස්ථාව 20 දිනෙන් අවසන් වන අතර ඉදිරියටද සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සියලු දෙනාටම දැඩි ආරක්ෂාවක් ලබාදී තිබෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට සමගාමීව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට කෞතුකාගාරය තුළ දී සීගිරිය දී පෙර දා කැණීම්වලදී සොයාගත් කරණ චිත්‍ර භාණ්ඩ ප්‍රදර්ශනයක් ද පැවැත්විණි , එම අවස්ථාවට ද විශාල පිරිසක් එක්ව සිටියහ.