පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකරන්න-කාදිනල් හිමියන් ඉල්ලයි
May 19, 2019 06:31 pm
තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බැවින්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නීති අංශ වලින් ඉල්ලා සිටියි.
අද(19) දින ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 'සමකරුණා ගුණමහිමේ' සංවාද වැඩසටහනට එක්වෙමින් කාදිනල්තුමන් මේ බව සඳහන් කළේය.
ලංකාවේ ජනතාව අතර සිංහල සංස්කෘතියක් ඇති බවත් ඒ සංස්කෘතියක් ගොඩනැගී ඇත්තේ බුද්ධාගමේ සංකල්ප සහ ඉගැන්වීම් පදනම් කරගෙන බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙයි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළ සිටියේ ශ්‍රී ලංකාව බුද්ධාගම සම්බන්ධ තැති රටක් බවට ශ්‍රී ලංකාව කිව නොහැකි බවයි.
මේ අතර මීගමුව ප්‍රදේශයේ මේ වන විට ගෙයින් ගෙට සෝදිසි කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එය වැදගත්
ආරක්ෂක ක්‍රියාදාමයක් බව කාදිනල් හිමිපාණන් පවසයි.
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බවත් එම නිසාවෙන් අත සෝදාගෙන පැත්තකට වී සිටීමට නොහැකි බව උන්වහන්සේ සඳහන් කරයි.
මේ අතර පසුගිය දා සිදුවූ සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් ගැන සොයා බලා එ පිළිබඳව රජය හා ආරක්ෂක අංශ පියවර ගත යුතුයි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩසටහනට කෝට්ටේ ශ්‍රි කල්යානි සාමග්‍රී මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන්ද වැඩම කර සිටියේය.