ඇඳිරි නීතියට මුවා වී සිදු කළ දැව ජාවාරම

ඇඳිරි නීතියට මුවා වී සිදු කළ දැව ජාවාරම

May 16, 2019   12:25 pm

ඇඳිරි නීතිය පවතින කාලයේ දී කොට්ටුකච්චිය ජලාශයේ පාමුල තිබු දැවැන්ත මාර ගස් කැපීමේ ජවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.

දැව ජාවාරම් කරුවන් පිරිසක් ඊයේ (15) රාත්‍රියේ කොට්ටුකච්චිය ජලාශයේ පාමුල ඇති වසර සියයක් පමන පැරණි දැවැන්ත මාර ගස් කැපීමේ ජාවාරමක නිරත වි සිටියදී ප්‍රදේශවාසීන් විසින් වන සංරක්ෂණ නිළධාරීන්  හා ආරක්ෂක අංශ කඩිනම්න් දැනුවත් කර ඇත.

සිද්ධිය වාර්තා වීමත් සමඟ පුත්තලම දිසා වන නිළධාරී ඇතුළු නිළධාරීන් පිරිස අදාල ස්ථානයට පැමිණෙන විට දැව ජාවාරම් කරුවන් පලා ගොස් තිබු බවත් ඒ වන විටත් දැවැන්ත මාර ගසක කොටසක් ජාවාරම්කරවන් විසින් කපා කොටස් කර තිබු බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

ඇඳිරි නීතිය පවතින කාලයේ මෙසේ දැව ජාවාරම් කරුවන් සිදුකරන වන සංහාරයන් පිළිබදව කඩිනමින් දැනුම් දෙන ලෙසද දිසා වන නිළධාරීවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත.