බදියුදීන්ගේ සතොස ගොඩනැඟිල්ලේ රහස් කාමරයක්

බදියුදීන්ගේ සතොස ගොඩනැඟිල්ලේ රහස් කාමරයක්

May 15, 2019   07:03 pm

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලය පිහිටා ඇති කොළඹ වොක්ෂෝල්වීදියේ සතොස ප්‍රධාන ගොඩනැඟිල්ලේ ඇතැම් සැකසහිත කටයුතු සිදුවන බව සතොස සේවක එකමුතුව පවසයි.

මේ පිළිබද කඩිනම් පරික්ෂණයක් පවත්වා ආරක්ෂාව තහවුරු කරන ලෙසට එහි නියෝජිතයින් ඉල්ලා සිටියි.

සතොස ගොඩනැඟිල්ලේ 9 වන මහල කිසිඳු ගිවිසුමකට යටත් නොවි යුනිඩෝ සංවිධානයට ලබා දී ඇති බව ඔවුන් පවසයි.

රට තුළ ඇතිවූ තත්ත්වය මත මේ සම්බන්ධයෙන් සැකයක් මතුවන බව ඔවුන් පවසයි.

යම් පුද්ගලයෙක් එම මහලට ඇතුළු වන්නේ නම් දුරකථන ඇමතුමක් දි ඇතුල් විය යුතු බවත් එන් පසු ක්ෂණීකව එහි දොර වසාි දමන බව ඔවුනු පවසයි.

මේ සම්බන්දයෙන් සැකයක් පවතින බැවින් තමන්ට ආරක්සාව සපයන ලෙස එම සේවකයින් රජයෙන් ඉල්ලා සිටියි.