කැකිරාවේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට-6කට තුවාල

කැකිරාවේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට-6කට තුවාල

May 15, 2019   02:24 pm

කැකිරාව මඩඇටිගම ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ මීට සුළු වෙලාවකට පෙර ලොරි රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

මිය ගොස් ඇත්තේ වැන් රථයේ පැමිණි පිරිස බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙක් සිටින බවද  වාර්තා වේ.

මෙම පිරිස මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවන් බව වාර්තා වේ.

මෙම පිරිස වන්දනා චාරිකවක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

තුවාලකරුවන් මේ වන විට දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ අතර භික්ෂූන් වහන්සේ කෙනෙකුද සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.