බොරු බෝම්බයකින් ජනතාව බිය ගැන්වු පුද්ගලයා සැකපිට අත්අඩංගුවට

බොරු බෝම්බයකින් ජනතාව බිය ගැන්වු පුද්ගලයා සැකපිට අත්අඩංගුවට

April 26, 2019   05:14 pm

අම්බලන්තොට කොග්ගල්ල මංසන්දියේ නවතා තිබු  ලංගම බස් රථයේ පාර්සලයක් තබා ජනතාව බිය ගැන්වීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත.

කොග්ගල්ල ප්‍රදේශයේ බස් රථ නවතා තබන ස්ථානයක ලංගම බස් රථයක් තුළ සැක කටයුතු යමක් ඇති බවට අම්බලන්තොට පොලීසිය වෙත ලැබුණු තොරතුරකට අනුව ඊයේ (26) පෙරවරුවේ පරීක්ෂණයක් ආරම්භ කෙරුණි.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් ගෙන්වා පරීක්ෂා කිරීමෙන් පසු යම් අයෙකු විසින් ජනතාව බියගැන්වීම සඳහා සකසන ලද්දක් බව හෙළි විය.

කෙසේනමුත් මෙලස මහජනතාව නොමග  යවමින් බිතියට පත්කළ සැකකරු  සොයා අම්බලන්තොට පොලීසිය  සිදුකළ පරීක්ෂණවලින් පසුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු 26 හැවිරිදි කොග්ගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.