පළමු වසර නිල ඇඳුම් තිළිණ පත්වල වලංගු කාලය දිගු වෙයි
April 26, 2019 04:35 pm
පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණ පත්වල වලංගු කාලය දීර්ඝ කර ඇත.
2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණ පත්වල වලංගු කාලය 2019.04.30 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
නමුත් රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම කාලය 2019.05.20 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.