ජාතීන් වශයෙන් බෙදා වෙන් කර උගන්වන පාසල් ඉවත් කළ යුතුයි

ජාතීන් වශයෙන් බෙදා වෙන් කර උගන්වන පාසල් ඉවත් කළ යුතුයි

April 26, 2019   04:19 pm

ජාතීන් වශයෙන් බෙදා වෙන්කර ඉගැන්වීම් සිදුකරන පාසල් ඉවත් කළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසා සිටියි.

වෙන් වු විට භේද ඇති වනවා මිස එකමුතුකම ඇති නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ භාෂා දැනුම වර්ධනය කිරීම තුළින් සියළු දෙනා අතර විශ්වාසය හා අවබෝධය ගොඩනැගිය හැකි බව පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අලුතින් එක්වු මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම රටේත් සමස්ත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනස් වීමකට බඳුන් විය යුතු බව තමන් වහන්සේගේද යෝජනාව බව දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව ආගමික කමිටු රැස්වීමේදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.

එම අවස්ථාවට එක් වෙමින් අදහස් පළ කළ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ මවුලවි අක්ර්ම් නුර් අමිඩ් තුමා ප්රතකාශ කළේ, දීර්ඝ කාලයක සිට මෙරට මුස්ලිම් ප්‍රජාව රටේ සියළු ජන වර්ග සමඟ සහයෝගයෙන් යුතුව වාසය කළ අතර මෙම ම්ලේච්ඡ ක්‍රියාව හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවම අපහසුතාවයට පත්ව ඇති බවයි.